Building Schedule of Rates (BSR)
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලය හා පළාත් ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද මෙම ගොඩනැගිලි ඒකක මිළ ගණන් (Building Schedule Rates) සකස් කර ඇත.
ඒකක මිල ගණන සෑම වර්ශයකම ජනවාරි මාසයේදී නිකුත් කරනු ලබයි. ජනවාරි මාසයට සාපේක්ෂව මැයි මාසය වන විට ඉදිකිරීම් අමු ද්‍රව්‍යයන්හි මිල විශාල ලෙස උච්චාවචනය වන්නේ නම් ජුනි මාසයේදී නැවත වරක් ඒකක මිල ගණන් සංශෝදනය කරනු ලබයි.
මෙම ඒකක මිළ ගණන් ජනවාරි මස සිට ක්‍රියාත්මක වන අතර මෙම මිළ ගණන් ඇස්තමේන්තු සකස් කිරීමේදී භාවිතය සඳහා වන උපරිම මිළ ගණන් වේ. මෙම මිළ ගණන් සකස් කිරීම සඳහා, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන දිස්ත්‍රික් මිල නියම කිරීමේ කමිටු මගින් නියම කරන ලද මිල ගණන්, ඌව පළාත් ප්‍රධාන ලේකම් විසින් මාර්ග ඉදිකිරීම් සඳහා අනුමත කරන ලද මිල ගණන් හා වෙලඳපොල මිල ගණන් අනුව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා ඌව පළාත් මිල කමිටුව විසින් අනුමත කරන ලද මිල ගණන් පාදක කර ගෙන ඇත.
මෙහි සඳහන් ඒකක මිළ ගණන් වලට වඩා අඩුවෙන් සම්පත් (එනම් ද්‍රව්‍ය, ශ්‍රමය හා යන්ත්‍ර) ප්‍රාදේශීය මට්ටමින් ලබා ගත හැකි අවස්ථාවලදී එම මිළ ගණන්අනුව මෙහි ඒකක මිල ගණන් සංශෝධනය කර ඇස්තමේන්තු සකස් කිරීමට අදාල පාර්ශවයන් කටයුතු කිරීම සුදුසු වේ.
මෙම මිළ ගණන් සැකසීමේදී වැට්රහිත සහ වැට් සහිත ලෙස ඉදිකිරීම්ද්රව්ය වල මිළ ගණන් සකස් කර ඇත. වැට් සහිත මිල ගණන් සෘජු ශ්‍රම යටතේ හා අනුමත සමිති මඟින් ඉටු කිරීමට අපේක්ෂිත කුඩා පරිමාණයේ කර්මාන්ත ඇස්තමේන්තු කිරීමටත් වැට් රහිත මිළ ගණන් තරඟකාරී මිල ගණන් යටතේ ඉටු කරවා ගැනීමට බලාපොරොත්තු වන කර්මාන්ත සඳහ භාවිතා කල යුතුය.
වැට් රහිත ඒකක මිල ගණන් භාවිතා කිරීමේදී එකතු කල සිවිල් වැඩ වල අගය මත වැට් බද්ධ (VAT) සඳහා වන මුදල ඇස්තමේන්තු සාරංශයට ඇතුළත් කල යුතුය.
පොදුකාර්ය හා ලාංභාංශ සඳහා වන 20% මෙම ඒකක මිළ ගණන් වලට ඇතුලත් කර ඇත.
ගොඩනැගිලි ඉදිකිරීම් හා අළුත්වැඩියා කිරීමේදී ඒ සඳහා ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයෙන් (CIDA) නිකුත් කර ඇති පහත සඳහන් සම්මත පිරිවිතරයන්ට අනුකූලව සිදුක ළයුතුය.
- SCA/4 – Building Works (Vol 1)
- SCA/4/ll – Building Works (Vol 2)
- SCA/8 – Electrical and Mechanical Works
- ICTAD/DEV/17 – Site Investigation for Building Works &Sample Bill of Quantities
මෙහි සඳහන් මිළ ගණන් වලට ප්‍රවාහනය සඳහා වන පිරිවැය ඇතුළත් කර නොමැත. එබැවින් අදාල ස්ථානයට ගැලපෙන පරිදි ප්‍රවාහන වැය සකස් කර මිළ ගණන් වලට එකතු කල යුතුවේ. ඇස්තමේන්තු සකස් කිරීමේදී විවිධ විෂමතා වැලැක්වීම සඳහා දිස්ත්‍රික් ලේකම් විසින් අනුමත කරන ලද ද්‍රව්‍ය ප්‍රවාහන මිළ ගණන් ඉතා පහසුවෙන් හා නිවැරදිව මුලික මිළ ගණන් වලට එකතු කිරීම සඳහා වගු ආකාරයෙන් මෙහි දක්වා ඇත.
ඌව පළාත තුළ සියළුම ආයතනයන් හරහා ඉටුකරනු ලබන ගොඩනැගිලි ඉදිකිරීම් හා නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා මෙම ඒකක මිළ ගණන් ලේඛණය ප්‍රයෝජනවත් වන අතර මෙම මිළ ගණන් යොදා ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු ඉදිකිරීම් ඌව පළාත තුළ සිදුකිරීමට කටයුතු කරන ලෙස අදාල සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.
මෙම ඒකක මිළ ගණන් ලේඛණය සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම් ඇත්නම් පහත සඳහන් දුරකථන අංකයෙන් හෝ විද්‍යුත් ලිපිනයෙන් විමසීම් කල හැක.